Thursday, December 15, 2011

Windows --------->Mac OS copyright @ http://pariganakalipi.blogspot.com/



සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද? අලුත් දෙයක් අරගෙන ඔන්න මේ පැත්තට අදත් ගොඩ වැදුනා, ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට, ඒ වගේම මේකත් දන්නවා ඇති දැන්, Mac OS එක අපේ කොම් වලට ගහන්න පුළුවන් විදිහට හදාගෙන යනවා කියලා, ඒක තාම සෑම පරිගණකයකටම වැඩ කරන්නෙ නෑ, මේක කරන්නෙ, HAZARD නමින් හදුන්වන Ethical Hacking Team එක, එයාලා මේ ලගකදී අලුත් වර්ෂන් එකත් නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා, එහෙත් ඔයාලා කැමති ඇති, වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, මොකද ඇපල් පරිගණකයක් දැකලාවත් නැති අපිට, Mac කියන්නෙ සිහිනයක් වෙලා තිබ්බෙ, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම. පහත පිංතූරය බලන්න, එහිදී ඔයාලට පැහැදිලිව දකින්න පුලුවන්.


ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔබගේ කොම් එකේ Windows 7 Version එක අනුව Install කරගන්න....මෙම Skin Pack එක ඔබ Install කිරීමෙන් අනතුරුව Uninstall කරගැනීමේ හැකියාව තිබෙනවා, පහල ලින්ක් වලින් අදාලා Skin Pack එක Download කරගන්න.






Monday, December 5, 2011

Web Cam එක Security Cam එකක් කරගමු!!!


සියලු අයිතිය හා උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online


සුභ දවසක් ඔක්කොම දෙනාට......අද ටිකක් විශේෂ දවසක් , මොකද අද අපේ ලිපිය ටිකක් වටිනා එකක්...උඩ මාතෘකාව දැක්කම එක තෙරෙනවා නේ..ඉතින් මේක කරන්න ගොඩක් අය උත්සහ කරලා ඇති ඉතින් මම හිතුවා මෙක ක්‍රමානුකුලව කියලා දෙන්න...ඔයාලට මතක ඇති මම මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් එක හදාගන්න හැටි කියලා දිලා කිව්වා මෙක කතන්දරෙ පළමු පිටුව කියලා....ඉතින් එහෙනම් මෙක තමා දෙවන පිටුව.ඔක්කොටම කලින් එක කියෙව්වෙ නැත්නම් සහ එක හදා ගත්තෙ නැත්නම් පහල ලින්ක් එකට ගිහින් මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් එක හදාගන්න..
මෙතනින් බලන්න http://tinyurl.com/3ss3kx7

මෙක අත්‍යාවශ්‍යයි මේ වැඩෙට ඉතින් ඔක හදාගත්තට පස්සෙ මේ පහල තියෙන පින්තුරය වගේ පෙන්න ඔනේ.


හරි දැන් අපේ අද මාතෘකාව වන වෙබ් කැම් එක ආරක්ෂිත කැමරාවක් විදියට හදාගන්න හැටි බලමු. හැමදාම කරනවා වගේ මෙකේ සිද්ධාන්තය මම පැහැදිලි කරන්නම් , අපි වෙබ් කැම් වැඩසටහනක් මගින් ඡායාරුපගත කරනවා එ වෙලාවෙ සිදුවන දෙවල් සහ එ ඡායාරුප වෙබ් එකට අප්ලොඩ් කිරිමක් සිදුකරනවා එ වෙලාවෙදිම...ඉතින් එවා වෙන තැනකින් ලොග් වෙලා බලන්න හැකියාව තියෙන එක තමා මේක ආරක්ෂිත කැමරාවක් වගේ වැඩ කරන්නේ.

හරි දැන් සිද්ධාන්තය පැහැදිලි නේ....අපි පියවර වශයෙන් වැඩේ කරමු.

පියවර 01

මුලින්ම විශේෂ වෙබ් කැම් වැඩසටහන Install කරගන්න ඔනේ...මෙකෙ නම ඩොර්ජෙම් , මෙක අපේ Downloads පිටුවට ගිහින් Download කරගන්න පුලුවනි , Setup File එක Download උනාට පස්සෙ Run කරලා ඩොර්ජෙම් Install කරගන්න PC එකට
මෙතනින් Download කරගන්න


පියවර 02

හරි දැන් තියෙන්නෙ ඩොර්ජෙම් වැඩසටහන හදාගන්න අපිට ඔනේ විදියට...

ඉහල රූපෙ තියෙන විදියට කැම් සොස් එක සහ JPEG Compression එක 50ට හදන්න...මොකද අඩු කොලිටි කරාම රූපේ විශාලත්වය අඩු වෙන නිසා හොඳයි.

දැන් Options වලට ගිහින් Motion Detection එක On කරගන්න


හරි දැන් තියෙන්නෙ කැම් එකෙන් ෆොටො ගන්න විදිය සහ වෙබ් එකට අප්ලොඩ් කරන විදිය හදන්න...

දැන් මේ ව්දියට යන්න -

Store Settings - Add - File

එතකොට මේ ව්දියට පෙනෙයි සහ මෙකෙ තමන්ට ඔනෙ විදියට මෙවා ටික හදා ගන්න


දැන් File එක Save වෙන තැන වෙන්න ඔනේ අපි හදා ගත්ත ස්කයි ඩ්‍රයිව් එක....එක බ්‍රව්ස් කරලා දෙන්න සහ File Name එකට මෙහෙම දෙන්න " %G , %g "....එකෙන් ෆොටො එක ගත්ත දිනය සහ වෙලාව ඔබට බලාගන්න පුලුවනි.


ස්කයි ඩ්‍රයිව් එක ඇතුලේ වෙනම Folder එකක් හදාගෙන, Save කරන තැන හදාගන්න

පියවර 03

දැන් ඔක්කොම හරි...ඩොර්ජෙම් එකෙ Auto Capture එක On කරල Minimize කරලා තියන්න සහ skydrive.live.com එකට ගිහින් වෙන PC එකකින් බලන්න කැම් එකෙන් මොනාද මේ මොහොතේ වෙන්නෙ සහ කවුරු හරි එක Use කරන්න හැදුවද කියලා ඔබ නැති අතරෙ.

හරි එහෙනම් කියලා දෙන එක අපේ යුතුකම සහ එක ප්‍රයොජනවත් විදියට භාවිත කිරිම ඔබෙ වගකීම....ඉතින් මෙක හොඳ විදියට භාවිත කරන්න සහ ප්‍රතිචාරයකුත් දාලා යන්න.

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online